අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට සාමාජිකයන් සඳහා අයදුම්පත් කැඳවයි.

Sri Lanka Parliament Sri Lanka Bribery Commission Sri Lanka
By Hashini Oct 16, 2023 10:49 AM GMT
Hashini

Hashini

Report

 අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවුම් කර තිබෙනවා.

එම අයදුම්පත පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පල කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලබනවා.

එම අයදුම්පත ලබන මස 06 වැනිදාට පෙර සම්පුර්ණ කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම්,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කල හැකිය.

මෙම අයදුම්පත් යුමු කල හැක්කේ නිතිය,අපරාධ විමර්ශන කිරීම සහ නිතිය ක්‍රියාත්මක කිරීම, වෝහාරික විගණනය සහ ගිණුම්කරණය ,ඉංජිනේරු විද්‍යාව, ජාත්‍යන්තර සම්බන්ධතා සහ රාජ්‍යතාන්ත්‍රික සේවා, මහජන කළමනාකරණය හෝ රාජ්‍ය පරිපාලනය පිලිබඳ අවම වසර විස්සක පළපුරුද්දක් ඇති අයට වේ. 

ReeCha