කාලගුණයෙන් රතු නිවේදනයක් - අදත් තද වැසී

By Shehan Apr 29, 2025 02:26 AM GMT
Report

උතුරු සහ දකුණු අර්ධ ගෝලයන්ගෙන් පැමිණෙන සුළං එක්රැස් වන කලාපය දිවයිනේ කාලගුණයට බලපාන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ද (29) සවස හෝ රාත්‍රියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

පානීය ජලය ගැන මහනුවර ජනතාවට විශේෂ දැනුම්දීමක්

පානීය ජලය ගැන මහනුවර ජනතාවට විශේෂ දැනුම්දීමක්

දකුණු, බස්නාහිර පළාත්වලත්, පුත්තලම, මන්නාරම, යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන වැසි ඇති වීමට ඉඩ ඇත.

මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු-මැද පළාත්වලත්, වව්නියාව, මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි හේතුවෙන් ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

මරණ තර්ජන තියෙනවා නම් රටින් යන්නලු..- හි.මැ.කො. කියයි

මරණ තර්ජන තියෙනවා නම් රටින් යන්නලු..- හි.මැ.කො. කියයි

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් තත්ත්වයක් ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.