ඉන්දීය AI සමුළුවේ ලංකාවේ හඬ හෙට ලෝකයටම
ජනාධිපති *අනුර කුමාර දිසානායක* මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය *නරේන්ද්‍ර මෝදි* මහතාගේ විශේෂ ආරාධනයකට අනුව නවදිල්ලි නුවර පැවැත්වෙන *India AI Impact Summit 2026* සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දිය නිල සංචාරයක නිරත වී සිටී.
නවදිල්ලි ඉන්ධිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඉන්දීය රාජ්‍ය අමාත්‍ය *ශ්‍රී රාජ් භූෂන් චෞද්‍රි* මහතා ඇතුළු පිරිසක් විසින් ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගනු ලැබීය.
කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සමුළුවේ *හෙට (19)* ජනාධිපතිවරයා ඇමතීමට නියමිතය.
එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති බව වාර්තා වේ.
මෙම සමුළුව Global South හි පැවැත්වෙන පළමු විශාල AI සමුළුවක් වන අතර, එහිදී ජනාධිපතිවරයාගේ සහභාගීත්වය ඉන්දිය-ශ්‍රී ලංකා සම්බන්ධතාවයේ ගැඹුරු බව හා තාක්ෂණික සහයෝගීතාවයේ වැදගත්කම ඉස්මතු කරයි.