මොකද වෙන්නෙ කියලා.. දැන් රටම බලන් නෙ ඉන්නෙ.. එන වසරේ මාලිමාවෙන් සහන දෙන හැටි මෙන්න..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ලබන වසරේ අයවැයෙන් ආහාර පාන කිහිපයක වැට් සහ උපයන විට බද්ද සාධාරණ ප්‍රමාණයකින් අඩු කරන බවයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ, මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය ගම්පහදී පැවැත්වූ ප්‍රචාරක රැලියකට එක්වෙමින් ය.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධාන කරන ජන රැලි මාලාවේ අවසන් ජන රැලිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
දෙසැම්බර් මාසයේ මාස 04ක කාලයකට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන බවත්, පෙබරවාරි අග වන විට අලුත් අයවැයක් සම්මත කරගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය.
එම අයවැය ලේඛණයෙන් රටේ ආර්ථිකය නව දිශාවකට ගෙනයන බවද ඔහු පවසා සිටියේ ය.