තවත් ප්‍රාදේශීය සභා සභාපති වරයෙක් ධුරයෙන් ඉවත් කෙරේ
gazette
Sri Lanka
politics
Katharagama
By Sewvandhi
කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ධූරය සති 2කට අත්හිටුවමින් හම්බන්තොට මහාධිකරණය නියෝගයක් නිකුත්කර තිබේ. කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන විසින් ඉදිරිපත් කළ අයවැය වාර්තාව දෙවරක් පරාජය විය.
එවැනි අවස්ථාවක සභාපතිවරයා වෙනුවට නියෝජ්‍ය සභාපතිවරයාව වැඩ බලන සභාපති ලෙස පත්කිරීම කළ යුතුය. නමුත් ඌව පළාත් ආණ්ඩුකාරවරයා ගැසට් නිවේදනයක් නිකුත්කරමින් දන්වා තිබුණේ සභාපතිවරයාට එම ධූරයේ තවදුරටත් කටයුතු කළ හැකි බවය.
අනතුරුව කතරගම ප්‍රාදේශීය සභාවේ අනෙකුත් මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් හම්බන්තොට මහාධිකරණයේ නඩුවක් ගොනු කළේය. එහිදී කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා කතරගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා ට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
