තවත් කැබිනට් සංශෝධනයක්.

Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Cabinet
By Hashini Nov 02, 2023 08:34 AM GMT
Hashini

Hashini

Report

තවත් කැබිනට් සංශෝධනයක් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා.

පසුගිය සතියේ ද කැබිනට් සංශෝධනයක් සිදු කරනු ලැබුවා.

ඒ අනුව ඇමතිවරුන් 6 දෙනෙකුගේ විෂය පතයන් වෙනස් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක, නලීන් ප්‍රනාන්දු, රොෂාන් රණසිංහ, ටිරාන් අලස් හා පවිත්‍රා වන්නිආරච්චිගේ විෂයන් මෙහිදී වෙනස් වනු ඇති.

පසුගිය කැබිනට් සංශෝධනයේදී රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටියට කැබිනට් නොවන ඇමැති තනතුරක් පිරිනැමුණා.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ශෙහාන් සේමසිංහ, නිමල් සිරිපාල ද සිල්වා, අරුන්දික ප්‍රනාන්දු වැනි රාජ්‍ය අමාත්‍යවරුන්ට ඇමැති ධුර ලැබීමට නියමිත බවත් වාර්තා වනවා.

ReeCha