ලොක්ඩවුන් ඉවතට.. නව සංචරන සීමා මෙහෙමයි..
ලබන සතියේ දී යම් යම් සීමාවන්ට යටත්ව රට විවෘත කිරීමේ හැකියාවක් ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් එළඹෙන සිකුරාදා (17) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ දී ගන්නා බවද ඔහු කියා සිටියේය.
රට විවෘත කරන ආකාරය ගැන නිර්දේශය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ජනාධිපතිවරයාට මේ සතිය තුළ බාර දෙනු ඇති බව ද ඔහු පැවසීය. එම නිර්දේශ අනුව රට විවෘත කරන ආකාරය තීරණය කරන බවද ඔහු පවසයි. රට විවෘත කළ ද පළාත් අතර සංචරන සීමා තවදුරටත් පවත්වාගෙන යෑමට සිදුවනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
මේ අතර,කොවිඩ් ආසාදිතයින් අතරින් කළු දිලීර රෝගය වාර්තා වූ රෝගීන් කොළඹ, කුරුණෑගල සහ රත්නපුර ප්‍රදේශවලින් මේ වනවිට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද (15) කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේදී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඒ බව පැවසීය.
"දැනට කළු දිලීර රෝගීන් හමුවෙලා තියෙන්නේ කොළඹ ජාතික රෝහලෙන්, කුරුණෑගලින් සහ රත්නපුරයෙන්. ඒ වගේ රෝහල් ගණනාවකින් හමුවෙලා තියෙනවා. මේකෙ රෝග ලක්ෂණ තීරණය වෙන්නේ ඒ රෝගය හැදෙන ස්ථානය මතයි. මේක සමේ, නාසය, මොළය ආශ්‍රිතව, පෙනහළුවල, ඇස හෝ ඇස ආශ්‍රිතව, ශරීරයේ අභ්‍යන්තරව තියෙන මතුපිටවල් ඕනම තැනක හැදෙන්න පුළුවන්. මෙහි මූලික විෂබීජය දිලීරයක්. ඒක පරිසරයේ තියෙන්නේ.
ආවට ගියාට මේ රෝගය කාටවත් හැදෙන්නේ නෑ. ශරීරයේ ප්‍රතිශක්තිය අන්තිමටම හීන වුණොත් ඒ පුද්ගලයින්ට පමණයි මේක ඇතිවෙන්නේ. පාලනය නොකළ බෝ නොවන රෝගවලින් පෙළෙන අයට, ඉන්ද්‍රියන් බද්ධ කරපු අයට (ප්‍රතිශක්තිකරණයට බෙහෙත් දෙන) මේක වැඩියෙන්ම හැදෙන්න ඉඩ තියෙනවා. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට යන්නේ නෑ. රෝගය බෝ වෙන්නේ පරිසරයෙන්.
මේක ශරීරගත වෙලා ආසාදන තත්ත්වයට පත්වෙන්නේ ප්‍රතිශක්තිකරණය ඉතාමත්ම දුර්වල වෙලා ඉන්න අයට. මෙහි වඩාත්ම වැදගත් වන්නේ අවදානම් කණ්ඩායම හඳුනාගැනීම. විශේෂයෙන්ම පරිසරයේ දිරාපත්වන කසල පුස් ආදිය රැඳෙන ස්ථානවලින් තමයි වායුගෝලයට මේකේ බීජාණු එකතු වෙන්නේ. ඉතින් එවැනි රෝගයක ලකුණක් හරි තියෙන වෙලාවක වෛද්‍ය උපදෙස් ලබාගැනීම තමයි වැදගත් වෙන්නේ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |