විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්..!

By Sithumi Nov 21, 2021 03:48 PM GMT
Sithumi

Sithumi

Report

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය ලබන සඳුදා (22) සිට දෛනික සේව සපයනු ලබන්නේ, සේවාලාභීන් 150 දෙනෙකු සඳහා පමණක් බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා. පසුගිය සතියේ සහතික කිරීමේ සේවා අඩාල වීමට සහ සේවා සැපයීමේ දී දිගු ප්‍රමාදයක් ඇති වූයේ, කොන්සියුලර් කටයුතු අංශයේ විද්‍යුත් ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියේ (e-DAS) බිඳවැටීමක් හේතුවෙන් බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

මීට අමතරව ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සහ විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ශාඛා ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියට ද ඉන් බලපෑම් එල්ල වී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙම ගැටලු නිරාකරණය කිරීම සඳහා අමාත්‍යාංශයේ තාක්ෂණික කණ්ඩායමක් මේ වන විට කටයුතු කරමින් සිටින බව ත් ගැටලු නිරාකරණය කිරීමෙන් අනතුරුව සහතික/ලේඛන සත්‍යාපනය කිරීම සම්බන්ධයෙන් වන සාමාන්‍ය සේවා අඛණ්ඩව සලසා දීමට හැකි වනු ඇති බටත් විදේශ කටයුතු අමාත්‍යංශය විශ්වාසය පළ කර සිටියි.

පද්ධති නඩත්තුව අවසන් වූ වහාම යාවත්කාලීන කිරීම් පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කර බවත් මහජනතාවට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් කනගාටුව පළ කරන විදේශ අමාත්‍යාංශය පවසන්නේ.

තවද වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා දූරකතන අංක 011- 2338812 හෝ dgcons@mfa.gov.lkිනය ඔස්සේ කොන්සියුලර් කටයුතු අංශය සමග සම්බන්ධ විය හැකි බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW