ලබන සතියේ සිට ලැබෙන්න යන සහන පැකේජය..?

By Sewvandhi Sep 17, 2021 09:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ලබන සතියේ සිට සහන පැකේජයක් ලබාදීමේ කටයුතු ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. 

කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින බස්රථ සේවකයන් සඳහාද යම් සහනයක් ලබාදීමට රජය බලාපොරොත්තු වන බව දිලුම් අමුණුගම මහතා එහිදී සදහන් කළා.

එම වැඩසටහන ලබන සතියේ සිට ක්‍රියාවට නැංවෙන අතර, බස් රථ 17,000 ක් සඳහා අමතර කොටස් ඇතුලු දෑ මිලදී ගැනීමට වවුචර් ලබාදීම සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා මහනුවර අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ. 

බස් රථ හිමිකරුවන්ට මෙන්ම සේවය කරන සුළු සේවකයින්ටත් මෙම සහනය ලබා දෙන බව එතුමා තවදුරටත් සදහන් කරා.ඔක්තෝබර් පළවෙනිදා ඇඳිරි නීතිය ඉවත් කළොත් මෙම වැඩ සටහන ආරම්භ කළ හැකි බවත්, මුල් අදියරය ලබන සතිය වන විට ආරම්භ වන බවත් එතුමා වැඩිදුරටත් සඳහන් කළා .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha