පිරිවෙන් අධ්‍යාපනය ගැන නිවේදනයක්
By Sewvandhi
ඔක්තෝබර් මස 14වනදා සිට ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපනික ආයතන නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගනිමින් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා කෘත්‍යාධිකාරීන් වහන්සේලාගේ අභිමතය පරිදි මෙම තීරණය ගෙන ඇති බවය.
ඒ අනුව ඉගෙනුම් ක්‍රියාවලිය විධිමත් පරිදි ආරම්භ කිරීම ඔක්තෝබර් 21 වනදා සිට සිදුවෙන බවද සඳහන් කරයි.
එම නිවේදනය පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


