මෙරට සත්තුන්ට කොවිඩ් වැළඳීම ඉහළ යයි...ඇවිදින්නෙ බලාගෙනයි...
Channa jayasumana
Dehiwala zoo
Animals corona
By Aruna
දෙහිවල සත්වෝද්‍යානයෙන් තවත් සතුන් සිව්දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.
ඔරං ඔටං සතුන් දෙදෙනෙකු ට සහ චිම්පන්සි සතුන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව විමලවීර දිසානායක මහතා පැවසීය. පසුගිය දා දකුණු කොරියාවේ සෝල් නුවර සිට මෙරටට ගෙන එන ලද "තෝර්" නැමති සිංහයා ට කොවිඩ් ආසාදනය වී තිබුණි.
පසුව සිදුකළ පරීක්ෂණවල දී එම සිංහයා සමඟ කුඩුවේ සිටි සිංහ ධේනුවට ද කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැණුනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |