ඩොලර් නැතිව මෙරට මුහුදු සිමාවේ නැංගුරම් ලා සිටින නෞකා මෙන්න...

Sri lanka Lakvijaya Power Plant Dollars Sri lankan sinhala news Electricity Board Trade Unions Norochcholai Power Plant Coal Ships
By Subodha Apr 18, 2022 04:07 AM GMT
Subodha

Subodha

Report

ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකිවීමෙන් එම නෞකා දෙක නැවත හරවා ගෙන යාමේ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.

මෙම මස 12 වැනිදා ශ්‍රී ලංකාවට ළඟා වූ මෙම නෞකා සඳහා ඩොලර් මිලියන 34 ක මුදලක් ගෙවීමට ඇති බවත් මුදල් ගෙවීමට නොහැකිව මේ වන විට දින හයක් නෞකා දෙක ශ්‍රී ලංකා සීමාවේ නැංගුරම්ලා තිබෙන බවත් වෘත්තීය සමිති සඳහන් කරයි.

මෙම ගල් අඟුරු තොග ගොඩබෑමට නොහැකි වුවහොත් නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතුවලට බාධා පැමිණිය හැකි බවත් විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයෝ කියති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now