මෙරට අපරාධ රැල්ල ගැන සුවිශේෂී වාර්තාවක් එලියට එයි..ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසකුත් ඒ අතර. ..

Sri Lanka Army Sri Lanka Police Government Of Sri Lanka Ministry of Defense Sri Lanka Ananda Wijepala
By Sewvandhi Jan 21, 2025 12:43 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ,මෑත කාලයේ සිදුවූ අපරාධ සහ වෙඩිතැබීම්වලට සම්බන්ධව සැකපිට යුද හමුදා මේජර්වරයෙක්, සෙසු නිලයන් 6 දෙනෙක්, පොලිස් නිලධාරියෙක් සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සංවිධානාත්ම අපරාධකරුවන් 15 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව‍යි, අද (21) පාර්ලිමේන්තුවේදී දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් ඔහු සඳහන් කළේ.

"පසුගිය සැප්තැම්බර් 23 වනදා සිට මේ දක්වා සිදුවූ අපරාධ ගැන අවධානය යොමු කළාම සේවයේ සිටියදීම යුද හමුදාවේ එක්කෙනෙක් දෙන්නෙක් මේ කටයුතුවල නිරත වෙනවා."

"මේ දින කිහිපය තුළ යුද හමුදා මේජර්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා."

"යුද හමුදාවේ සෙසු නිලයන් 6 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා."

"පොලිස් නිලධාරියෙක් අත්අඩංගුට අරගෙන තිබෙනවා." "සිවිල් ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා."

"සංවිධානාත්ම අපරාධකරුවන් 15ක් සහ අපරාධවලට අනුබලදීම සම්බන්ධයෙන් තවත් 15ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.ඒ විදියට තමයි මේ අපරාධ සඳහා සම්බන්ධවෙලා තියෙන්නේ"

අමාත්‍යවරයා සඳහන් කළේ, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පහත පරිදි ආයුධ සොයාගත් බව‍යි.

ප්‍රධානතම මාර්ගයක් නැවත දැනුම් දෙනතුරු රාත්‍රී කාලයේදී වසා දැමේ..!

ප්‍රධානතම මාර්ගයක් නැවත දැනුම් දෙනතුරු රාත්‍රී කාලයේදී වසා දැමේ..!

T56 ගිනිඅවි 7ක්

පිස්තෝල 10ක්

රිවෝල්වර් 14ක්

බෙහෙත් කොටන තුවක්කු 461ක්

බෝර 12

ගිනිඅවි 58ක්

ගල්කටස් 13ක්

රිපීටර් 2ක්

එමෙන්ම, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ,මේ මාස 2 ඇතුළත හෙරොයින් කිලෝග්‍රෑම් 354ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 3847ක්, කොකේන් කිලෝග්‍රෑම් 3.8ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 181.9ක්, අයිස් කිලෝග්‍රෑම් 759ක් ද සොයාගෙන තිබෙන බවයි 

මූල්‍ය අපරාධ කොට්ඨාසය නැවත ලබන සතියේ ස්ථාපිත කෙරෙන බවත් ඔහු පැවසීය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති ලිපිගොනු 29,000 තුළින් මූල්‍ය අපරාධ ලිපිගොනු එම කොට්ඨාසයට භාරදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය. ,

…………………………………………………………………………………

YOU MAY LIKE THIS VIDEO 👇



ReeCha