වැල්ලම්පිටියෙන් නාඳුනන මළ සිරුරක් හමු වෙයි.

Report

 නාඳුනන පිරිමි මළ සිරුරක් වැල්ලම්පිටිය, සිංහපුර නාන ළිඳ අසල තිබී හමුව තිබෙනවා.

ඊයේ (04) දහවල් කාලයේදී 119 තොරතුරු මධ්‍යස්ථානයට ලද තොරතුරක් මත වැල්ලම්පිට පොලීසිය ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැත.

පොලීසිය පවසන්නේ වයස අවුරුදු 50ත් 55ත් අතර වයසේ පසුවන උස අඩි 05 අඟල් 03ක් පමණ වන, අවසන් වරට දම්පාට පසුබිමේ සුදු ඉරි සහිත අත්කොට කමිසයක් සහ මිශ්‍ර වර්ණයෙන් යුත් සරමක් ඔහු හැඳ සිටි බවයි.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත්තේ හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.