ගුරු සේවයට යන්න ඉන්න උපාධිධාරීන්ට මෙන්න විශේෂ අවස්ථාවක්..අදම අයදුම් කරන්න..
බස්නාහිර පළාතේ පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර සිටිනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා ගුරු ශ්‍රේණියේ 3 පන්තියේ 1(අ) ශ්‍රේණියට මෙම බඳවා ගැනීම් සිදු කෙරෙන බවයි.
ඒ අනුව, 2023 (අදියර II) සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් මෙලෙස කැඳවනු ඇති.
අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය ලබන ඔක්තෝබර් මස 09 වනදා ලෙසට, 2023.09.22 දිනැති රජයේ ගැසට් පත්‍රයේ IV (අ) වැනි කොටසෙහි බඳවා ගැනීමේ නිවේදනයේ දක්වා ඇත.