රටපුරා කතුන්ට සිම් 107කින් අසැබි දසුන් යැවූ අනංගයා..තමුන්ගේ ලිංගික අවයවයෙන් මාට්ටු වුණ හැටි මෙන්න

Police Sri Lanka Pictures Gossips Online racket
By Aruna Nov 18, 2021 06:58 AM GMT
Aruna

Aruna

Report

සිම් කාඩ්පත් 107 කින් රටපුරා කාන්තාවන්ට අසැබි ඡායාරූප යැවූ අනංගයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුගේ බිරිඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවයේ නිරත නිලධාරිනියකි.

කොවිඩ් වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වූවන්ට රුපියල් පන්දාහේ දීමනාව ලබාදීම සිදුකර ඇත්තේ ඇයයි.

නිවසේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඇය එම කටයුතු කර ඇත.

මෙම දීමනාව ලබාදීම සඳහා ගෙන ආ ලිපිගොනුවල ගමේ අයගේ ජාතික හැඳුනුම්පත්වල පිටපත් තිබී ඇති අතර බිරිඳට හොරෙන් සැකකරු එම පිටපත් භාවිත කරගෙන තිබේ.

එම හැඳුනුම්පත් අංකවලට මිලදී ගත් සිම් කාඩ්පත් 107 ක් යොදාගෙන සැකකරු කාන්තාවන්ගේ වට්ස්ඇප් අංකවලට මෙලෙස අසභ්‍ය ඡායාරූප යැවීමට කටයුතු කර ඇත.

මේ අතර මහනුවර ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියකට සැකකරු තමාගේම ලිංගික අවයවවල ඡායාරූපද යවා ඇත.

එම දුරකථන අංකය ගුරුවරිය විසින් අවහිර කළ පසු වෙනත් අංකයකින් එවැනි ඡායාරූප එවීමට පටන් ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ අශෝක ධර්මසේන වෙත මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත විශේෂ කණ්ඩායමක් විමර්ශන අරඹා තිබේ.

එහිදී සැකකරුගේ ජංගම දුරකථනය ඔස්සේ කළ ක්ෂණික විමර්ශනයකදී කහවත්තේ පදිංචි කාන්තාවකගේ නමට දුරකථන සිම්පත ඇති බව හෙළිවී ඇත.

එම කාන්තාව එවැනි සිම්පතක් භාවිත නොකරන බවත්, තමාගේ හැඳුනුම්පතේ පිටපතක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියකට ලබාදී ඇති බවටත් හෙළිකර ඇත.

එම තොරතුරු මත සැකකරු සිම් කාඩ්පත් 107 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අන්තර්ජාලයේ වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරන පරිගණක ක්‍රියාකරුවකු ලෙස කටයුතු කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න යටතේ වැඩිදුර විමර්ශන සිදුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now