බුද්ධි අංශ ප්‍රධානියෙක් මරා රුසියාවෙන් පලියගත් යුක්රේනය

By Mithu Jul 11, 2025 12:23 PM GMT
Report

යුක්‍රේනයේ ප්‍රධාන පෙළේ බුද්ධි සේවා අංශ ප්‍රධානියෙකු කීව් අගනුවරදී හඳුනා නොගත් වෙඩික්කරුවෙකු විසින් පසුගිය දා (10) ඝාතනය කර තිබේ. යුක්‍රේනයේ ඉහළ පෙළේ ආරක්ෂණ මෙහෙයුම් සහ ත්‍රස්ත මර්දන ක්‍රියාමාර්ග සැලසුම් කරන 16 වැනි බළකායේ ප්‍රධානියා ලෙස ඔහු කටයුතු කර තිබෙන අතර යුක්‍රේනය විසින් ද මීට පෙර රුසියාව මොස්කව් නුවරදී ඉහළපෙළේ රුසියානු ආරක්ෂණ ප්‍රධානීන් ඝාතනය කිරීම් පිළිබඳ වාර්තා වුණි.

ජොන්ස්ටන්ගේ දුවව ගිනි තියන්න හදලද? ජොන්ස්ටන් වන්දි එපා කියයි

ජොන්ස්ටන්ගේ දුවව ගිනි තියන්න හදලද? ජොන්ස්ටන් වන්දි එපා කියයි

මේ නිසා මෙම ඝාතනයට රුසියානු සම්බන්ධයක් ඇති බව විශ්වාස කෙරේ. කෙසේ නමුත් මෙම ඝාතනය සිදු කෙරූ පුද්ගලයන් පලා ගොස් ඇති බව යුක්‍රේන ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය. යුද හමුදා කර්නල්වරයෙකු වන ඉවාන් වොරොනිච් නැමැති මෙම බුද්ධි අංශ ප්‍රධානියා රුසියාවට එරෙහිව යුක්‍රේනය පසුගියදා ක්‍රියාත්මක කළ ප්‍රහාර රැසක් සැලසුම් කළ අයෙකි. විශේෂයෙන් මාස කිහිපයක සිට කීව් නුවරට විශාල වශයෙන් එල්ල වන ඩ්‍රෝන් ප්‍රහාර සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

'සිරි නිවස' නිල නිවසට මොකද වෙන්නේ?

'සිරි නිවස' නිල නිවසට මොකද වෙන්නේ?

රුසියානු ඩ්‍රෝන් සහ මිසයිල සිය ගණනක් එක්වර යම් නගරයක් ඉලක්ක කරගෙන එල්ල කිරීම දැන් යුක්‍රේනයේ එදිනෙදා යථාර්ථයක් බව පත්ව තිබේ. ඊයේ රාත්‍රියේ නැවතත් එම ප්‍රහාරවල ඉලක්ක වී තිබෙන්නේ කීව් අගනුවරයි. වසර 3කට පෙර රුසියාව සිය ප්‍රහාර සඳහා යොදාගත් ඉරාන ෂාහෙඩ් ඩ්‍රෝන් යානා වෙනුවට අති බිහිසුණු ප්‍රහාර එල්ල කළ හැකි ඩ්‍රෝන් යානා රුසියාව විසින් යොදා ගන්නා බව වාර්තා වේ. මේ නිසා සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්වීම ද ඉහළ ගොස් තිබේ.

රන් මිල අද දිනත් පියවරක් ඉහළට – පාරිභෝගිකයින් ව්‍යාකූලය්

රන් මිල අද දිනත් පියවරක් ඉහළට – පාරිභෝගිකයින් ව්‍යාකූලය්