පහරදීම් 02කින් වෛද්‍යවරයෙක් රෝහල්ගත කරයි.. රැඳවියෙකු ජීවිතක්ෂයට..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Death Prisons in Sri Lanka
By Aruna Dec 26, 2023 06:00 AM GMT
Aruna

Aruna

Report

කළුතර බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු, පහරදීමක් හේතුවෙන් රෝහල් ගත කර සිටිය දී අද (26) අලුයම මියගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මෝල්කාව, කරවිට ප්‍රදේශයේ පදිංචිව සිටී පී.ජී. සුනිල් නමැති 46 හැවිරිදි පුද්ගලයකු මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මියගොස් ඇති තැනැත්තා පහරදීමක් හේතුවෙන් පසුගියදා 24 වනදා රාත්‍රියේ කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව එම පුද්ගලයා වාට්ටු අංක 5හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජීවිතක්යෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාර අධිකාරීවරයා විසින් කළුතර උතුර පොලීසිය දැනුවත් කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවයි.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ අතර, බේරුවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුට පහර දුන් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත්බව බේරුවල පොලිසිය ප්‍රකාශ කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බවයි වාර්තා වන්නේ.

සැකකාර මෙම ව්‍යාපාරිකයා, පපුවේ අමාරුවකින් අසනීපව සිටින සිය පියාව මෝටර් රථයකින් ඊයේ (25) රාත්‍රියේ රැගෙන බේරුවල ප්‍රාදේශීය රෝහලට පැමිණ තිබෙනවා.

පියාට අසාධ්‍ය බැවින් මෝටර් රථයට පැමිණ පරීක්ෂා කරන ලෙස කල බවත්.ඉල්ලීම, වෛද්‍යවරයා එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණවී පහරදීම සිදුකර ඇති බවට සැකකරු ප්‍රකාශ ලබාදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පහරකෑ වෛද්‍යවරයා අතට ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ReeCha