තත්ත්වය භයානකයි..ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්..
සෞඛ්‍ය අංශ පවසන්නේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 20,588ක ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බවයි.
ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකය අධ්‍යක්ෂ විශේෂඥ සුදත් සමරවීර කියා සිටියේ මේ මාසයේ පමණක් රෝගීන් 3000කට පමණ අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි.
බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවද වෛද්‍යවරයා පවසා සිටියා.