මෙරට හිඟන්නන්ගේ වැඩිවීමක්. - කලර් ලයිට් ගාව ඉන්න හිඟන්නන ගැනත් විශේෂ අනාවරණයක්.

Sri Lanka Economic Crisis Sri Lankan Peoples
By Wayomi Dec 18, 2023 09:58 AM GMT
Wayomi

Wayomi

Report

නගර සභා, මහ නගරසභා 65ක් තුළ මෑතදී කරන ලද යාචකයන් පිළිබඳ සිදු කළ සමීක්ෂණයකදී කොළඹ ප්‍රදේශයට පැමිණ ඇති යාචකයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව 1003 පමණ අලුතින් එක් වී ඇති අතර මේ වන විට අදාළ නගර සභා මහ නගරසභා ආසන්නයේ සිටින යාචකයන් සංඛ්‍යාව 3,661ක්.

සමාජසේවා දෙපාර්තමේන්තුව අනාවරණය කරන පරිදි එම සංඛ්‍යාව අතරින් බස්නාහිර පළාතේ පමණක් යාචකයන් 1,618ක් සිටින බවයි වාර්තා වන්නේ.

මෙරට හිඟන්නන්ගේ වැඩිවීමක්. - කලර් ලයිට් ගාව ඉන්න හිඟන්නන ගැනත් විශේෂ අනාවරණයක්. | An Increase In Beggars In Sri Lanka

පසුගිය කොරෝනා වසංගතයෙන් පසු ඇතැම් පවිත්‍රතා ආයතන වැසී යෑමත් සමග එම ආයතන සේවක පිරිස්ද යාචකයන් අතරට එක්ව ඇති බවට තොරතුරු හෙළි වී ඇති අතර කොළඹ විදුලි සංඥා පුවරු අසල සිටින යාචකයන් වැඩි දෙනකු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව ද සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් යාචකයන් පුනරුත්ථාපනය කිරීම සඳහා දැනට පිහිටුවා ඇති රිදීගම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 500කට අධික පිරිසකගෙන් පිරී පවතින අතර මෙතෙක් එහි පාලනය දකුණු පළාත් සභාව විසින් සිදුකළ නමුත් එය ලබන ජනවාරි 02 වැනිදා සිට මධ්‍යම රජය යටතට ගන්නා බවද සඳහන්.  

මෙරට හිඟන්නන්ගේ වැඩිවීමක්. - කලර් ලයිට් ගාව ඉන්න හිඟන්නන ගැනත් විශේෂ අනාවරණයක්. | An Increase In Beggars In Sri Lanka

ReeCha