බලශක්ති අමාත්‍යංශයේ සුඛෝපභෝගී වාහන 14ක් විකිණීමට ටෙන්ඩර් කැඳවයි

Latest Headlines Sinhala news gagana news NPP Government
By Shehan Jul 08, 2025 12:37 AM GMT
Shehan

Shehan

Report

බලශක්ති අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී වාහන 14ක් විකිණීමට අදාළව ටෙන්ඩර් පත්‍ කැඳවා තිබේ.

අනවශ්‍ය ලෙස මහජන මුදල් නාස්තිය වළක්වන රජයේ ප්‍රතිපත්තියට අනුව මෙලෙස අදාළ වාහන විකිණීමට පියවර ගන්නා ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ලබාදුන් උපදෙස් මත මෙම පියවර ගන්නා බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ඊට අදාළ අයදුම්පත් බලශක්ති අමාත්‍යංශයෙන් ලබා ගැනීමේ හැකියාව පවතින අතර අයදුම්පත් ලබාගත් පුද්ගලයින්ට එම වාහන පරීක්ෂාකර බැලීමේ හැකියාව පවතින බව බලශක්ති අමාත්‍යංශය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112 574 740 සහ 0112 574 941 යන දුරකතන අංක ඔස්සේ ලබාගත හැකි බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

අද ලග්න පලාපල – 2025 ජූලි 08 | අද ඔබේ ලග්නය කියන අමුතුම ඉඟි – සතුටද? අවදානමද?

අද ලග්න පලාපල – 2025 ජූලි 08 | අද ඔබේ ලග්නය කියන අමුතුම ඉඟි – සතුටද? අවදානමද?

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

ReeCha