වාහන ආනයනය ගැන මහ බැංකුවෙන් විශේෂ ප්‍රකාශයක්

Report

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) මඟින් වාහන ආනයනය සීමා කිරීමට සම්බන්ධව කිසිදු තීරණයක් ගෙන නැති බව අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ ඇතැම් මාධ්‍ය වාර්තා කරන ආකාරයට වාහන ආනයනය සීමා කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය (මහා භාණ්ඩාගාරය) අතර කිසිදු ලිපි හුවමාරුවක් හෝ සන්නිවේදනයක් සිදුවී නොමැති බවයි.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

එසේ වුවද ඇතම් මාධ්‍ය වාර්තා කර තිබුණේ වාහන ආනයනය සීමා කරන බවට මහ බැංකුවෙන් මුදල් අමාත්‍යාංශයට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව ඉහත දැනුම්දීම සිදු කළ නිලධාරියා කියා ඇත්තේ වාහන ආනයනය සීමා කිරීමට අදාළව කිසිදු උපදෙසක් හෝ නිර්දේශයක්ද ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මුදල් අමාත්‍යාංශය වෙත ලබා දී නැති බවයි.

එසේම වාහන ආනයනය කිරීමේදී මහ බැංකුව සතු විදේශ සංචිතවලට කිසිදු බලපෑමක් සිදු නොවන බව ද ඔහු පවසයි.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

ඒ රටට වාහන ආනයනය කරනු ලබන්නේ මෙරට වාණිජ බැංකු පද්ධතියේ පවතින ඩොලර් සංචිතවලින් නිසයි.

එසේම මහ බැංකුව සඳහන් කරන්නේ දැනට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව විදේශ සංචිත වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් පවතින බවයි.

එසේම ආර්ථික විශ්ලේෂකයින් දක්වන්නේ වාහන ආනයනයේදී මහ බැංකුව සතු ඩොලර් සංචිතවලට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි.

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්