මෙරටදී ප්‍රථම වරට අයිස් හදන රසායනාගාරයක් අල්ලයි.
ප්‍රථම වරට අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රසායනාගාරයක් යාපනයේ චුන්නාගම් ප්‍රදේශයේදී ‘යුක්තිය’ මෙහෙයුමේ යෙදී සිටින යාපනයේ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් වටලා තිබෙනවා.
එහිදී එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු හෙළිකළ තොරතුරු අනුව මෙම රසායනාගාරය වටලා ඇති බවයි යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් විශාන්ත මහතා සඳහන් කළේ.
පොලිසිය පවසන්නේ, මෙම රසායනාගාරයේ සිටි ප්‍රධාන සැකකරු පලාගොස් ඇති අතර ඔහු ආවා කල්ලියේ ප්‍රධානියකු ලෙස ද සේවය කර ඇති බවයි.
මෙම රසායනාගාරයේ තිබූ අමුද්‍රව්‍ය විශේෂඥයන් විසින් පරීක්ෂා කරනු ලැබූ මොහොතේ අයිස් මත්ද්‍රව්‍ය තැනීම සඳහා මෙම අමුද්‍රව්‍ය යොදා ගන්නා බවට විශ්වාස කරන බවද සනාථ කර ඇති අතර මෙම අමුද්‍රව්‍ය වැඩිදුර විමර්ශනය සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙතට යවා තිබෙනවා.