මන්ත්‍රීවරුන් 21ක් සම්බන්ධයෙන් එජාපයට වාරණ නියෝගයක්

By Sewvandhi Sep 15, 2021 11:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ දිසා අධිකරණයෙන් එජාප නායකයාට සහ මහලේකම්වරයාට වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ,එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හරිනු ලැබූ පළාත් පාලන මන්ත්‍රීවරුන් 21 දෙනෙකු වෙනුවට වෙනත් පිරිසක් නම් කිරීම වළක්වමින්.

පසුගිය මැතිවරණවලදී සමගි ජනබලවේගය පක්ෂයට සහය දැක් වූයේ යැයි, චෝදනා කරමින් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීම යුක්ති සහගත නොවන බව පෙන්වා දෙමින් ගොනුකර තිබූ පැමිණිල්ල සලකා බැලූ දිසා විනිසුරුවරයා ලබන 29 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි එම වාරණ නියෝග නිකුත් කළා.

එදිනට අධිකරණය හමුවේ පෙනී සිට ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබු එජාප නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ විනය කමිටුවේ ලේකම් අමිත ජයසේකර යන මහත්වරුන් වෙත අතුරු තහනම් දැන්වීම් සහ නොතිසි යැවීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළා. පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන , ජනාධිපති නීතිඥ පර්මාන් කාසීම් යන මහත්වරුන් පෙනී සිටියා.

---------------------------------------------------------------------------

You may like ths video-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now