පැය 20කට වඩා වගා ළිඳක කොටු වී සිටින වන අලියෙක් - ගොඩ ගන්න දැඩි පරිශ්‍රමයක්.. සංවේදී දසුන් සහිතයි.. (PHOTOS/VIDEO)

Sri Lanka Elephant
By krishani Sep 05, 2023 12:17 PM GMT
krishani

krishani

Report

ඊයේ රාත්‍රියේ (04) තිරප්පනය පොලිස් වසමේ වෙල්ලමුදාව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටුණු වන අලියකු ගොඩ ගැනීම සඳහා අද (05) දවස පුරා වන ජීවි නිළධාරීන් උත්සහ කළ ද පස්වරු 03.00 පමණ වන විටත් වන අලියා ගොඩට ගැනීමට නොහැකි වී තිබෙනවා.

වගා ළිඳ තුළ සිටින අලියා පැය 20කට ආසන්න කාලයක් රැදෙමින් වගා ළිඳෙන් ගොඩ ඒමට උත්සහ දරමින් සිටියි.

මෙම වන අලියා තිරප්පනය, වෙල්ල මුදාව ගම්මානයේ නිවසක ගෙවත්තක තිබූ අනාරක්ෂිත වගා ළිඳකට ඊයේ (04) රාත්‍රී 8.00 ට පමණ වැටී ඇත.

ඒ පිළිබඳව නිවැසියන් හා ගම්වාසීන් වන ජීවි නිළධාරීන් දැනුම්වත් කර ඇති අතර ඒ අනුව වන ජීවී නිළධාරීන් පැමිණ අදාළ ස්ථානය නිරීක්ෂණය කර තිබෙනවා.

අලියා නිරුපද්‍රිතව වගා ළිඳ තුළ සිටීම හේතුවෙන් අද දින (05) බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් වගා ළිදෙහි බැම්ම කපා වන අලියා ගොඩට ගැනීමට සැලසුම් කර ඇත.

මෙම වගා ළිඳ අඩි 30 කට ආසන්න ගැඹුරකින් යුතු විශාල වගා ළිඳක් වන අතර අද (05) ට පමණ බැකෝ යන්ත්‍රයක් රැගෙන විත් වගා ළිඳ අසල පස් තට්ටුව ඉවත් කිරීමට ආරම්භ කළ නමුත් වගා ළිදෙහි පවතින ගැඹුර හේතුවෙන් පැය ගණනක් එම බැකෝ යන්ත්‍රයට මගින් එම කටයුත්ත සිදු කිරීමට සිදු විය.

ආහාර සොයා ගම් වැදුණු මෙම වන අලියා ඊයේ (04) රාත්‍රියේ අදාළ වගා ළිඳට වැටෙන ශබ්දය නිවැසියන්ට ඇසි ඇත.

නිවැසියන් ගොස් බැලීමේ දී පොළව මට්ටමට පවතින ළිං බැම්මේ ගැටී වන අලියා වගා ළිඳ තුළට වැටී සිටින අයුරු දැක ඇත.

ඊයේ (04) රාත්‍රී 8.00 පමණ සිට වගා ළිඳ තුළ සිට ගොඩට ඒමට උත්සහ කළ වන අලියාද අද පස්වරුව වන විට වල තුළ එහා මෙහා ගොස්, ගොඩට එමට උත්සහ දැරීමෙන් හෙම්බත් වී සිටින අයුරු ද දැක ගත හැකි විය.

මෙම වන අලියාගේ එක් ඇසක් තුවාල වී ඇති අතර වගා ළිඳට වැටෙන අවස්ථාවේ එහි තිබූ කෝටුවක් ඇනීමෙන් ඇස තුවාල වන්නට ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.

අදාළ බැකෝ යන්ත්‍රය වෙනුවට ඊට වඩා ප්‍රමාණයෙන් විශාල බැකෝ යන්ත්‍රයක් ගෙන ඒමට පසුව වන ජීවි නිළධාරීන් යෝජනා කළ අතර එම බැකෝ යන්ත්‍රය අද පස්වරුවේ පැමිණීමට නියමිතයි.

වගා ළිඳට වැටුණු වන අලියා දැක බලා ගැනීමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් තිරප්පනය අඩවි වන නිළධාරීන් මෙහෙයුම් සිදු කරනු ලබයි.


GalleryGalleryGalleryGalleryGallery
ReeCha