ගිලන්රථයකට පහරදීමක් (VIDEO)

attack ajith rohana ambulance gamapaha pahaladiyanvala
By Sewvandhi Jun 29, 2021 04:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගම්පහ රෝහලට අයත් ගිලන්රථයක් ගම්පහ නගරයේ ධාවනය වෙමින් තිබිය දී එම ගිලන්රථයට හා එහි රියදුරුට පහරදීමක් සිදුව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ඊයේ (28) සවස එම පහරදීම සිදුව ඇති බවය.

පහරදීම සම්බන්ධයෙන් 65 හැවිරිදි කඩවත, පහළදියන්වල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු බීමතින් මෙලෙස ගිලන්රථයට පහරදී ඇතැයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර අද (29) දිනයේ දී සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පොදු දේපළ පනත යටතේ සහ බීමතින් සිදුකළ වැරදිවලට මෙන්ම රියදුරුට පහර දීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha