පොලීසියෙන් නිවේදනයක්.
පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පොලිස් නිලධාරීන් 9 දෙනෙකු තනතුරු වලින් ඉවත් කිරීමට ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවයි.
එම නිලධාරින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ පොලිස් ස්ථානවලට ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් මූලස්ථාන චක්‍රලේඛන සහ උපදෙස් පරිදි කටයුතු නොකිරීම හේතුවෙනි.
එම නිලධාරින් අතර පොලිස් ස්ථානාධිපතිවරුන් සහ අංශ භාර ස්ථානාධිපතිවරුන්ද වේ.
පොලිස්පතිවරයා කළ නියෝගයකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා ඒ පිළිබඳව කළ පරික්ෂණයකදී එම කරුණු අනාවරණය වී තිබෙනවා.
ඒ අනූව ජනතා පැමිණිලි සම්බන්ධයෙන් මුලස්ථාන චක්‍රලේඛණ සහ උපදෙස් පරිදි කටයුතු නොකිරීමේ සිදුවීම් 125 ක් සම්බන්ධයෙන් පර්යේෂණ ක්‍රියාත්මක වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ඉන්, 84 ක පරික්ෂණ අවසන් කළ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා, 61 කට අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි.
ඒ අතරින් නිලධාරීන් 09 දෙනෙකුට චෝදනා පත්‍ර ලබා දී ඇත්තේ සිදුවීම් 13 කට අදාළ චෝදනා සනාථ වීමත් සමඟයි.
නිලධාරීන් 19 දෙනෙක්ට ඒ සම්බන්ධයෙන් අවවාද පත්‍රිකා දී තිබෙනවා.
එමෙන්ම ඉදිරිපත් කිරීමට අපේක්ෂිත ගොනු 23 මඟින් ද චෝදනා පත්‍ර සහ අවවාද කිරීම් නිර්දේශ වී තිබෙනවා.
පරික්ෂණ ක්‍රියාත්මක ගොනු සංඛ්‍යාව 41 කි.
ජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු කරන ස්ථානාධිපතිවරුන් ඇතුලු පොලිස් නිලධාරීන්ට එරෙහිව පරික්ෂණ පවත්වා විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.
