සෞඛ්‍ය ගැටළු විසඳන්න එකඟතාවක්.

By Hashini Oct 19, 2023 03:06 AM GMT
Report

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක්ව රට තුළ පවතින සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් මැදිහත්වී කටයුතු කිරීමට එකඟතාවයකට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය හා සිය මන්ත්‍රී කණ්ඩායම සමඟ රටේ පවතින සෞඛ්‍ය ගැටලු පිළිබඳ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහා කළේ එකඟතා රැසකට පැමිණීමට එහිදී හැකි වූ බවයි.