චීනයේ ගුවංෂි (Guangxi) හි අධිවේගී මාර්ගයක අනතුරක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එම අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.
තුවාල ලැබූ 15 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
නිවාඩු දින හේතුවෙන් අධිවේගී මාර්ගය භාවිත කරන රථවාහන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අනතුර හේතුවෙන් රථවාහනවලට දැඩි ලෙස හානි සිදුව තිබෙනවා.