මන්ත්රී අමිල ප්රසාද් ආණ්ඩුවට කට උත්තර නැති කරයි
ගම්පහ දිස්ත්රික් මන්ත්රී අමිල ප්රසාද් මහතා පාර්ලිමේන්තුවේදී අද (09) අවධාරණය කළේ, ආණ්ඩුව බලයට පත්වී වසර තුළ රටට හෙළි කළ එක විගණන පරීක්ෂණයක්වත් නොමැති බවයි.
"හොරකම්, දූෂණ, වංචා ගැන කතා කළා. දැන් අවුරුද්දක් ගියා. එක විගණන පරීක්ෂණයක්වත් කළාද? අවුරුද්දක් පුරා එක ලිඛිත වාර්තාවක්වත් ඉදිරිපත් කළාද?" යනුවෙන් මන්ත්රීවරයා ප්රශ්න කළේය.
ආණ්ඩුව බලයට එන්න ප්රධාන යෝජනාවක්ව සමාජයට තවමත් ඒත්තුගන්වා නොමැති බවත්, අවුරුද්දක් ඇතුළත පළාත් සභා මැතිවරණ පැවැත්වීමට පොරොන්දු වූ ආණ්ඩුව දැන් සීමා නිර්ණය, පරණ-අලුත් ක්රම ගැන කතාබහ කරමින් මැතිවරණය නැවතීමට උත්සාහ දරන බවත් ඔහු චෝදනා කළේය.
"පළාත් සභා මැතිවරණ ඉක්මනින් පැවැත්වීමෙන් පොරොන්දු ඉටු කරන්න" යනුවෙන් ඔහු ආණ්ඩුවට යෝජනා කළේය.
