සහල් අපනයනය නවතී. - ඇමරිකාවට සා ගිනි අවදානමක්.?
United States of America
India
By Wayomi
ඇමරිකාවට සහල් හිඟයක් ඇතිවීමේ අවධානමක් මතුව තිබෙනවා.
ඒ, ඉන්දියාව විසින් බාස්මතී නොවන සුදු සහල් අපනයනය අත්හිටුවීමත් සමඟයි.
ඇමරිකාවේ ප්‍රධාන සහල් අපනයනකරු වන්නේ ඉන්දියාවයි.
කෙසේ වෙතත් දේශීය පරිභෝජනය සඳහා සහල් සංචිත ආරක්ෂා කරගැනීමේ අරමුණින් සහල් අපනයන තහනමක් පන වූ බවයි ඉන්දීය රජය පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
මෙම තත්වය යටතේ ඇමරිකාව පුරා සහල් මිලදී ගැනීම්, ගබඩාකිරීම් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර එම තත්ත්වය හමුවේ සහල් මිල ගණන්ද ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා කරන්නේ.
