කොස්තාපල්ගේ අත සපා කා පලා ගිය ගිලන්රථ රියැදුරු.

Sri Lanka Police Sri Lanka
By Wayomi Oct 02, 2023 09:02 AM GMT
Wayomi

Wayomi

Report

ගිලන්රථ රියැදුරෙක් මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ අතක් බරපතළ ලෙස සපා කා පහරදී පලාගොස් තිබෙනවා.

ඒ, මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මුරුන්කන් රෝහලේ ප්‍රධාන දොරටුව ආසන්නයේදී පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 178 සහ මිලි 750 ක් සමග අත්අඩංගුවට ගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව කියන ගිලන් රථ රියදුරා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදීයි.

රුංකන් පොලිසිය කියා සිටියේ, මෙහිදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මුරුංකන් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි.     

ReeCha