සමන් දේවාල නිලමේ පුටුවට ඉව අල්ලන පත්තර කර්තෘ කව්ද?
By Shehan
ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුර සඳහා ජාතික පුවත්පතක කර්තෘවරයකු උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ බලවත් තැනැත්තකු වූ මෙම කර්තෘවරයා, විශාල දේශපාලන අභිලාෂයක් සහිතව මෙම උත්සාහයට අවතීර්ණ වී ඇතැයි පැවසේ.
වර්තමානයේ මහ සමන් දේවාලයේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය උපයෝගී කරගනිමින්, රත්නපුරේ ප්‍රභූන්ගේ සහාය ඇතිව බස්නායක නිලමේ තනතුරට පත්වීම ඔහුගේ ඉලක්කය බව සඳහන් වේ.
මේ සඳහා වෙනම ප්‍රචාරණ වැඩසටහනක් ද මේ වන විට ආරම්භ කර ඇත.
මහ සමන් දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේවරයා අධිකරණ නියෝගයකින් ඉවත් කිරීමෙන් පසු, රාජකාරි මණ්ඩලය සමන් දෙවියන්ගෙන් දේව ආශිර්වාද ලබා ගනිමින් රාජකාරි ආරම්භ කළේ පසුගිය 04 වන දිනයේදීය.