මැතිවරණ පැමිණිලි පන්දහසට ආසන්නයි... (PHOTO)

Report

පූර්ව මැතිවරණ කාලසීමාව තුළ ජනාධිපතිවරණයට අදාළව ලැබී තිබෙන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව වාර්තා කර සිටිනවා.

ඒ අනුව, ඊයේ (18) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 208ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ජූලි 31 වනදා සිට සැප්තැම්බර් 18 වනදා දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 4945ක් බව යි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,

Gallery