එක වසරෙ ඉදල තිබ්බ පෙම එක දිගට අවුරුදු 25ක්..තරුණ යුවතියන් තිදෙනාගේ අමුතුම පෙම් හිලව්ව..යුවතියන් තිදෙනාටම එකට සිදුවූ දේ..(PHOTOS)
"සිහින නෙළුම් මල්... පොකුණු පුරා... මගෙ පුතුගෙ කිරි සිහිනේ... සුවඳ කළා..."
එක වසරෙන් පටන් ගත්ත වසර 25ක මිතුදම... හොඳම යාළුවෝ තුන්දෙනා එකම කාලෙක හැබෑකරගන්න දින ගණින කිරි සිහිනය - සමහර යාළුකම් තියෙනවා ජීවිත කාලෙ පුරාවටම ලස්සන මතක එකතු කරන.
කතාවටත් කියනවනෙ තුන්දෙනෙක්ගෙ එකතුවෙන් ගොඩනැඟෙන යාළුකම් හරි ලස්සනයි කියලා.
ඔන්න එහෙම යාළුකමක් ගැන අපූරු කතාවක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපිටත් අහන්න ලැබුණා.
මේ යාළුකම පටන් අරන් තියෙන්නෙ එක වසරෙ ඉදන්ලු. දැන් ඒ මිතුදමට අවුරුදු 25ක්...
ඒකෙ ලස්සනම කතාව නම් දැන් මේ තුන්දෙනාම උතුම් මව් පදවිය ලබන්නයි සූදානම.
ඊට දින ගණින අතරතුර තුන්තදෙනත් එක්ක හරි අපූරු ඡායාරූප එකතුවකටත් පෙනීසිට තිබුණා.
දවසක මේ මතක පුංචි පැටව් තුන්දෙනත් එක්ක කතා කරන්න හරි වටින දෙයක් වේවි....
"මේ ටිකක් විශේෂ ඡායාරූප එකතුවක්, ඒ මොකද කියනව නම් මේ ඉන්නෙ එකම පාසලේ එක වසරෙ ඉදන් පාසල් ජීවිතය අවසන් වෙනකල් වගේම වසර 25ක් පුරාවටම සහෝදරත්වයෙන් දුක සැප බෙදාගෙන ජීවිතේ විවිධ කඩඉම් පහුකරගෙන ඇවිල්ලා ඒ උතුම් මාතෘ පදවියත් එකම කාලෙකම ලබන්න වාසනාව ලැබුන හොදම යාලුවො තුන් දෙනෙක්....
මේ වගේ දෙයක් දකින්න ලැබෙන්නෙ හරිම කලාතුරකින්....
ඒ වගේම මේ හොදම යාලුවොන්ට ලෝකයට වැඩදායී නිදුක් නීරෝගී, වාසනාවන්ත දරුවන් බිහිකරන්නට වාසනාව ශක්තිය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරමු "
මෙලෙස සමාජ මධ්‍යයේ සැරිසරණ එම ඡායාරූප එකතුව පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |