ඉවසලා ඉවසලා අන්තිමට ඉවසීමේ අවසාන තත්පර කිහිපය.. දරාගත නොහැකි තැන, පුපුරා යන ජන පීඩනය.. රඹුක්කන මහා කලබලයක්, උණුසුම් තත්ත්වයක්.. (PHOTOS) (VIDEO)
protest
Sri lanka
sri lanka sinhala news
today trending news
fuel problems
at Rambukkana
By krishani
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම විවිධ විරෝධතා මේ වන විට වාර්තා වෙනවා. විශේෂයෙන්ම ඉන්ධන මිල ගණන් ඉහළ යාම නිසා මෙලෙස විරෝධතා ඇතිව තිබෙන බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව අද(19) උදෑසන සිට ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සහ ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රදේශ කිහිපයකම විරෝධතා ද ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම, ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව රඹුක්කන ප්‍රදේශයේ සිදු කරන විරෝධතාවක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බව සදහන් වෙනවා.
රඹුක්කන ජනතාව මාර්ග වසා, ටයර් පුලුස්සමින්, දුම්රිය මාර්ගයේ රේල් පීලී දමා අවහිර කර රජයට විරෝධය දක්වන අයුරු සමාජ මාධ්‍ය පුරා මේ වන විට දක්නට ලැබෙනවා. එමෙන්ම ප්‍රදේශ කිහිපයකම බස් ධාවනයෙන් ඉවත්ව ඇති බවයි සඳහන් වෙන්නේ..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |







