රෑ 10.00 වෙද්දි සියල්ල වසා දමන්න..සතියේ දින 02 ක් ගෙදර ඉදන් වැඩ කරන්න..අධිකරණයෙන් විශේෂ නියෝගයක්..

Pakistan World Prison
By Aruna Nov 29, 2023 01:14 PM GMT
Aruna

Aruna

Report

පාකිස්ථානයේ ලාහෝර් හි සියලුම ව්‍යාපාර රාත්‍රී 10.00 වන විට වසා දමන ලෙස මහාධිකරණය නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ සෑම දිනකම නගරයේ ඉහළ යන පරිසර දූෂණයට එරෙහිව සටන් කිරීමේ උත්සාහයක් ලෙසයි.

රෑ 10.00 වෙද්දි සියල්ල වසා දමන්න..සතියේ දින 02 ක් ගෙදර ඉදන් වැඩ කරන්න..අධිකරණයෙන් විශේෂ නියෝගයක්.. | All Businesses In Lahore Pakistan Close By 10

සියලුම වෙළඳපලවල්, ආපනශාලා සහ අනෙකුත් ව්‍යවසායන් රාත්‍රී 10.00 ට වසා දැමීමටයි පාරිසරික පෙත්සම් කිහිපයක් විභාග කිරීමෙන් අනතුරුව ලාහෝර් මහාධිකරණයේ විනිසුරු ෂාහිඩ් කරීම්,බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

අධිකරණයේ නියෝග ක්‍රියාත්මක වන බවට වග බලා ගන්නා ලෙස පන්ජාබ් ප්‍රධාන ලේකම්වරයාට ද උපදෙස් ලබා දී ඇති බව එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

මීට අමතර මහාධිකරණය විසින් පන්ජාබ් රජයට උපදෙස් දී ඇත්තේ, සතියේ දින දෙකක් නිවසේ සිට වැඩ කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම පිළිබඳව බැංකු සහ සේවා ස්ථාන වෙත දැනුම් දෙන ලෙසයි.

රෑ 10.00 වෙද්දි සියල්ල වසා දමන්න..සතියේ දින 02 ක් ගෙදර ඉදන් වැඩ කරන්න..අධිකරණයෙන් විශේෂ නියෝගයක්.. | All Businesses In Lahore Pakistan Close By 10

පාකිස්ථානයේ දෙවන විශාලතම නගරය වන ලාහෝර් නගරයේ හානිකර පරිසර දූෂණය අවම කිරීමට රජය උත්සාහ කළ ද, පසුගියදා නැවත වරක් ලෝකයේ වඩාත්ම දූෂිතම නගරය ලෙස නම් කරනු ලැබුවා.

ReeCha