මම හින්දු වුනාට බුදු දහමට හුඟක් ගරු කරනවා, ලංකාව කියන්නේ මානුෂීය හදවත් වලින් පිරුණු රටක්-අක්ෂතා සොනාවන් (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi Mar 28, 2023 03:54 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා ඉන්දියානු හවුල් සිනමා නිෂ්පාදනයක් වන ‘සෙකන්ඩ් ෂෝ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි අක්ෂතා සොනාවන් කියලා කියන්නේ. 

ඉතින් සෙකන්ඩ් ෂෝ චිත්‍රපටයේ මංගල දැක්ම සඳහා ඇය පසුගියදා ලංකාවට ඇවිත් තිබුණා. ඉතින් මෙම චිත්‍රපටය ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා. 

ඉතින් ඇය මීට අවුරුදු හතරකට කලින් එක වතාවක් ලංකාවට ඇවිල්ලා තියෙනවා වගේම එහිදී ලංකාවේ අමතක නොවන සුන්දර මතක ගොඩක් ඇයට එකතු වුණා කියලයි අක්ෂතා කියන්නේ. ඒ නිසාම මෙවර චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සඳහා ඇය ලංකාවට ආවෙත් හුඟක් ආසාවෙන් කියලත් ඇය කියනවා. ඉතින් ශ්‍රී ලංකා ඉන්දියා සම නිෂ්පාදනයක් සඳහා දායකත්වය දෙන්න ලැබීම ගැන ඇයට ලොකු සතුටක් දැනෙනවාලු. 

ඒ වගේම ඇය මීට පෙර තෙලිඟු චිත්‍රපට 3කට රංගනයෙන් දායක වෙලා තියන නිසා ඇයගේ හතරවැනි තෙලිඟු චිත්‍රපටයටත් ඇය ලංකාවට එන්න කලින් ගිවිසුම් අත්සන් කළා කියලයි ඇය කියන්නේ. ඉතින් සෙකන්ඩ් ෂෝ චිත්‍රපටය ශ්‍රී ලංකා ඉන්දීය හවුල් චිත්‍රපටයක් කියලා දැනගත්තම මේ චිත්‍රපටයේ රඟපාන්න ලොකු ආසාවක් ඇතිවුණා කියලත් ඇය කියනවා. 

 ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටයක් නිසා ‘සෙකන්ඩ් ෂෝ’ චිත්‍රපටයට දායක වෙන්න ඇය දෙවරක් හිතුවේ නෑ කියලයි ඇය කියන්නේ. ඉතින් අද ඒ චිත්‍රපටයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක කියාගන්න බැරි තරම් ලොකු සතුටක් ඇයට තියෙනවාලු.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery