හදිසියේම විදුහලක සිසුන් පිරිසක් රෝහල්ගත කෙරේ...

Ministry of Health Sri Lanka Sri Lankan Schools Latest Headlines
By Gagana Feb 26, 2024 08:49 AM GMT
Gagana

Gagana

Report

 අසාත්මිකතාවයකට ලක් වූ සිසුන් 10 දෙනකු පමණ අද (26) අකරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර බව පවසා තිබෙනවා.

මෙම සිසුන් ගොඩිගමුව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ විද්‍යාලයේ ආචාර්යවරයෙක් පැවසුවේ මෙම සිසුන් විද්‍යාල භූමියේ කාණුවක් සුද්ද කරමින් සිටියදී ඇති වූ කැසීමක් හේතුවෙන් මෙලෙස රෝහල් ගත කළ බවයි.

පළමුව සිසුන් පස්දෙනෙක් හා සිසුවියන් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති අතර පසුව ඇති වූ කැසීම් තත්ත්වයක් හේතුවෙන් තවත් සිසුන් පිරිසක් රෝහල්ගත කර තිබෙනවා.

ReeCha