ප්‍රසිද්ධ ඉන්දීය නිළිය හෝටලයක් තුළ දී ගෙල වැළලා ගනී - ඝාතනයක් ද..? (PHOTOS)

India Indian Actress
By Sewvandhi Mar 26, 2023 12:54 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 ඉන්දියාවේ, උත්තර ප්‍රදේශ් වාරනාසි ප්‍රදේශයේ, හෝටලයක් තුළ දී ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන ආකන්සා දුබේ ගෙල වැලලාගෙන මියගොස් සිටිය දී සොයාගෙන තිබේ.

මියයන විට ඇය 25 හැවිරිදි වියේ පසුවූ අතර, ඇය බෝජ්පූරි සිනමා කේෂ්ත්‍රයේ සුප්‍රසිද්ධ රංගන ශිල්පනියකි. 17 හැවිරිදි වියේ සිට රංගන කේෂ්ත්‍රයට දායක වී ඇති ආකන්සාගේ මරණය සියදිවි නසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැත.

ඇය අවසන් වරට ඊයේ (25) රාත්‍රියේ ද සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් යොමු කර තිබුණි. මේ අතර පසුගිය ආදරවන්තයින්ගේ දිනයේ දී ඉන්දීය රංගන ශිල්පියෙක් හා ගායන ශිල්පියෙක් වන සමර් සිං සිය පෙම්වතා බවට ආකන්සා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery