දැඩිසත්කාර ඒකකයෙන් අජිත් රෝහණ තවත් වාට්ටුවකට මාරු කරයි..

Police Ajithi Rohana Corona Covid
By Aruna Aug 25, 2021 05:26 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා ආසාදිත ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා එම අවදානම් තත්ත්වයෙන් මිදී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මේ වන විට ඒ මහතා දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කර සාමාන්‍ය වාට්ටුවකට යොමුකර තිබේ.

කොරෝනා ආසාදිත වූ අජිත් රෝහණ මහතා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.

ඒ මහතා කොවිඩ් වසංගතය ආරම්භයේ සිටම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ද කටයුතු කළ අතර ඉන් ඉවත් වූයේ මීට දින කිහිපයකට පෙරාතුවයි.

අජිත් රෝහණ මහතා මෙරට පළමු කොවිඩ් රැල්ලේ සිට මෙරට covid 19 මර්දනය වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස වූ අයෙක්.

මෙරට 19 මර්දනය වෙනුවෙන් කැපවී කටයුතු කළ අජිත් රෝහණ මහතාට අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha