අද සිට පොලිසියෙන් කරන්න යන දේ මෙන්න..විශේෂ දැනුම් දීමක්.

Police Sri Lanka Ajithi Rohana
By Aruna Jun 22, 2021 03:56 AM GMT
Aruna

Aruna

Report

සංචරණ සීමා ලිහිල් කර ඇති කාලය තුල වෙළදසැල් ඇතුලු පොදු ස්ථාන වෙත ඒකරාශීවීමේදී පුද්ගල දුරස්ථභාවය තබා නොගන්නා පුද්ගලයන් අද සිට අත්අඩංගුවට ගන්නා බව පොලිසිය දැනුම් දෙනවා.

ඊයේ (21) දිනයේදීත් බොහෝ ස්ථාන ආශ්‍රීතව පුද්ගල දුරස්ථභාවය තබා නොගනිමින් මහජනතාව කටයුතු කළ ආකාරය නිරික්ෂණය වූ බැවින් මෙම තීරණය ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

සංචරණ සීමා ලිහිල් කිරීමට අදාලව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති උපදෙස් නිසිපරිදි මහජනතාව අනුගමනය කරන්නේදැයි සොයාබැලීමට අද සිට දිවයිනපුරා විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.

මේ අතර නිරෝධායන රීතින් කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

එමෙන්ම ඊයේ දිනයේදීත් නිරෝධායන රීතින් කඩකල 396 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුලු සංඛ්‍යාව හතලිස් එක්දහස් නවසිය දාහතරක් බවයි ඔහු කියා සිටියේ.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha