යේමනයේ ඉන්ධන වරායකට ගුවන් ප්‍රහාරයක්
By Hashini
ඇමරිකාව විසින් යේමනයේ - රාස් ඊසා හි ඉන්ධන වරායකට එල්ල කල ගුවන් ප්‍රහාරයකින් 38 දෙනෙකු මිය ගොස් 102 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ හවුති කැරලිකරුවන්ගේ ප්‍රධාන ඉන්ධන සැපයුම් මාර්ග විනාශ කිරීමේ අරමුණින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි.
කැරලිකරුවන් විසින් රතු මුහුදේ නැව් ගමනාගමනයට එල්ල කරන ප්‍රහාර නතර කරන තුරු සිය ප්‍රහාර දියත් කරන බව ඇමරිකාව සඳහන් කර තිබෙනවා.