නව ගුවන් හමුදාපතිවරයා වැඩ අරඹයි.
Sri Lanka Airport
Sri Lanka
By krishani
අද (30) දින, එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ බාරගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා වැඩ භාරගත් බව ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහි වු පළමු ගුවන් හමුදාපතිවරයා ද වේ.
ඒ මහතා වර්ෂ 1988 දී ශිෂ්‍යභටයෙකු ලෙස කොතලාවල ආරක්ෂක විද්‍යාලයට එක්වෙමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ය.
අනුරාධපුර කඳවුරු අංක 01 පියාසර පුහුණුව ලබා ගනිමින් 33වැනි ගුවන් ශිෂ්‍යභට පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යභටයා ලෙස ඔහු පත් විය.
ඉන් අනතුරුව දේශීය මෙන්ම විදේශීය පුහුණුවද ලබා ගනිමින් පියාසර නිලධාරියෙකු ලෙස ඔහු විශිෂ්ට දස්කම් දක්වා තිබෙනවා.
කෙසේවෙතත්, ගුවන් හමුදාපති ධුරයට පත්වීමට ප්‍රථම ඔහු අවසන් වරට ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරනු ලැබීය.