වායු රික්තකයට හසු වී උඩු ගුවනේදී තවත් බිහිසුණු අනතුරක්. - එක් අයෙක් උඩ විසිවී බඩු මලු දමන මැදිරියේ සිරවෙයි. - (VIDEO)

Plane Crash
By Wayomi Jul 02, 2024 06:00 AM GMT
Wayomi

Wayomi

Report

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර සිට උරුගුවේහි මොන්ටෙවීඩියෝ නගරය බලා පියාසර කළ එයාර් යුරෝපා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් දැඩි වායු රික්තකයට හසුවීම හේතුවෙන් ආරක්ෂක පටි පැළඳ නොසිටි මගියෙකු උඩ විසිවී හිසට ඉහළින් ඇති බඩු මලු දමන මැදිරියේ සිරවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.එම අනතුර හේතුවෙන් තවත් මගීන් 40 දෙනකු තුවාළ ලබා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ලාෆ්ස් ගෑස් මිලත් පහලට.? - ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්.

ලාෆ්ස් ගෑස් මිලත් පහලට.? - ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්.


බෝයිං 787 වර්ගයේ එම ගුවන් යානය වායු රික්තකයට හසුවන අවස්ථාවේ මගීන් 325 දෙනකු ගමන් කර ඇති බවත් අනතුරු හේතුවෙන් බ්‍රසීලයේ නටාල් ගුවන් තොටුපොළට ගුවන් යානය ගොඩබා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළා.

මෙරට කාන්තාවන්ට විශේෂ ණය යෝජනා ක්‍රමයක්. - මෙන්න දැන් ලැබුණු සුබ ආරංචිය.

මෙරට කාන්තාවන්ට විශේෂ ණය යෝජනා ක්‍රමයක්. - මෙන්න දැන් ලැබුණු සුබ ආරංචිය.


තුවාල ලැබූවන් වාහම නටාල්හි රෝහලක් වෙත ඇතුළත් කිරීමට බ්‍රසීල බලධාරීන් පියවර ගෙන ඇති බවත් සුළු තුවාල ලැබූ මගීන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් සඳහන්..

විදුලි ගාස්තු අඩු කරන දිනය සහ ඒකක ගණන ගැන විශේෂ දැනුම්දීමක්.

විදුලි ගාස්තු අඩු කරන දිනය සහ ඒකක ගණන ගැන විශේෂ දැනුම්දීමක්.


ගුවන් යානය මුහුණදුන් අකරතැබ්බය එහි ගමන් කළ මගින් වීඩියෝ කර සමාජ මාධ්‍යවෙත උඩුගත කර ඇති බවත් ආරක්ෂක පටි පැළඳ සිටීම හේතුවෙන් අනතුරක් නොවී දිවි බේරා ගැනීමට හැකිවූ බව ඇතැම් මගීන් ප්‍රකාශ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නැවත මගීන් ගමනාන්තය බලා රැගෙන යාමට නටාල් ගුවන් තොටුපොළ වෙත තවත් ගුවන් යානයක් පිටත් කළ බවත් තවත් කණ්ඩායමක් අනතුරට ලක්වූ ගුවන් යානය සිදුව ඇති හානිය පිළිබඳ තක්සේරු කරනු ඇති බවත් එයාර් යුරෝපා ගුවන් සේවය එම අනතුර සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

විශ්ව විද්‍යාල යළි ඇරඹෙයි .? - අනධ්‍යයන සේවකයින්ගෙන් ලැබුණු සුබ ආරංචිය මෙන්න.

විශ්ව විද්‍යාල යළි ඇරඹෙයි .? - අනධ්‍යයන සේවකයින්ගෙන් ලැබුණු සුබ ආරංචිය මෙන්න.