AI මඟින් රැකියා බිහිවෙනවද? මෙන්න ඇත්ත කතාව
කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් මානව වර්ගයාගේ 'ස්වර්ණමය යුගයක්' උදා කළ හැකි බව තාක්ෂණ විශේෂඥයෝ අවධාරණය කරති.
කෙසේ නමුත්, Google X හි හිටපු ප්‍රධාන ව්‍යාපාර නිලධාරී මෝ ගවුඩට් (Mo Gawdat) පවසන්නේ, AI මගින් රැකියා නිර්මාණය වන බවට පවතින මතය මුළුමනින්ම අසත්‍ය බවයි.
ඉදිරි වසර 5ත් 15ත් අතර කාලය තුළ AI හේතුවෙන් විශාල පිරිසකට රැකියා අහිමි වනු ඇති බව ඔහු පෙන්වා දෙයි. ඉහළම කුසලතා සහිත කම්කරුවන් පමණක් තාවකාලිකව රැකියා පවත්වා ගැනීමට හැකිවනු ඇති බව ඔහුගේ අදහසයි.
එසේම, ප්‍රධාන විධායක නිලධාරීන් පවා මාරු කිරීමට AI වැඩි කාර්යක්ෂමතාවක් දක්වන බව ගවුඩට් සඳහන් කරයි. AI යනු නරක දෙයක් නොවන බවත්, එහෙත් ලාභය වැඩි කර ගැනීමට AI බහුලව භාවිත කරන ප්‍රධාන විධායක නිලධාරීන් තම සේවකයින් රැකියාවලින් ඉවත් කිරීමට පෙළඹෙන බවත් ඔහුගේ අදහසයි.
අනාගතයේ බිහිවන ලෝක නායකයින් පවා AI තාක්ෂණය හේතුවෙන් වෙනස් වනු ඇති බව ගවුඩට් වැඩිදුරටත් පෙන්වා දෙයි.