මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ට AI පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

Report

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන් සඳහා ඩිජිටල්කරණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණය භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.

මෙම වැඩසටහන රජයේ ඩිජිටල්කරණ සැලසුම් පැහැදිලි කිරීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ AI තාක්ෂණික සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කර ඇත. මේ වන විට කොළඹ කේන්ද්‍ර කරගනිමින් මෙවැනි වැඩසටහන් හයක් පවත්වා ඇති අතර, ඒවා සඳහා රාජ්‍ය නිලධාරීන් 4,000කට වැඩි පිරිසක් සහභාගී වී තිබේ.

GovPay සඳහා රාජ්‍ය ආයතන 150 ක් එකතුවේ

GovPay සඳහා රාජ්‍ය ආයතන 150 ක් එකතුවේ

මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු රජයේ විවිධ ආයතනවල නිලධාරීන් මෙම වැඩසටහනට එක්වූහ. සියලුම පළාත් ආවරණය වන පරිදි මෙම වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, රජයේ ඩිජිටල්කරණ සැලසුම්වල රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යභාරය සහ AI තාක්ෂණය රාජ්‍ය කටයුතු සඳහා ඵලදායී ලෙස යොදා ගැනීම පිළිබඳව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා ඇතුළු ප්‍රවීණයන් කිහිප දෙනෙකු මෙම දැනුවත් කිරීම් සැසිවලට සහභාගී වූහ.

මෙන්න හැමෝටම වාසියක් වෙන සැලැස්මක් - මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙන්න හැමෝටම වාසියක් වෙන සැලැස්මක් - මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජාත්‍යන්තර බැංකුවක් ලංකාව සම්පූර්ණයෙන්ම අතහැරිල යයි

ජාත්‍යන්තර බැංකුවක් ලංකාව සම්පූර්ණයෙන්ම අතහැරිල යයි