A/L ලියපු අයට සුබම සුබ ආරංචියක්..
ආයුර්වේදය, යෝගා, යුනානි, සිද්ධ සහ හෝමියෝපති උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි හැදෑරීම සඳහා ඉන්දියානු රජය ශිෂ්‍යත්ව පිරිනමන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
එම ශිෂ්‍යත්ව 2021-2022 අධ්‍යන වර්ෂ සඳහා පිරිනමනු ලැබේ.
තෝරා ගන්නා ශ්‍රී ලාංකිකයින්ට අධ්‍යයන කාලය තුළ නවාතැන් දීමනා, ඖෂධ දීමනා, ආහාර දිමනා ඇතුළු පහසුකම් රැසක් ඉන්දියානු රජය මඟින් ලබාදෙනු ලැබේ.
මේ පිළිබඳ වැඩිදුර විස්තර අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් ලබාගත හැකි බව මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර ඉදිරියේදී සෑම පාසලකම පුරාවිද්‍යා සංගම් පිහිටුවීමට පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග පවසනවා.
පුරාවස්තු රැක ගැනීමේ වැදගත්කම පිළිබඳ තරුණ පරපුර තුළ යහපත් ආකල්ප ඇති කිරීම එහි අරමුණ වන බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේ.
නීතිරීති පැනවීම හෝ වැටලීම් සිදු කිරීමෙන් පමණක් පුරාවස්තු ආරක්ෂා කරගත නොහැකි බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙහිදී කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
