මෙරට මින් ඉදිරියට සමාජ මාධ්‍යය තුළ නිරුවත් ඡායාරූප සහ වීඩියෝස් දැම්මොත් වෙන්නේ මේ දෙයයි..

Sri Lanka Police Tiran Alles Sri Lanka Sri Lanka Social Media
By krishani Sep 16, 2023 06:15 AM GMT
krishani

krishani

Report

නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලද තැනැත්තන්ට දැඩි දඬුවම් පැනවිය හැකි වන පරිදි නව නීති සකස් කර ඇත.

එම නීති සකස්කර ඇත්තේ ප්‍රේම සබඳතා පවත්වන අතරතුර දී ලබා ගන්නා පුද්ගලික සහ නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන, එම සබඳතා නතරවීමෙන් අනතුරුව හිරිහැර කිරීමේ අදහසින්, වෙනත් තැනැත්තන්ට බැලීමට හැකි වන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වැළැක්වීමේ අරමුණින් ය.

එයට අදාළ නීති ඇතුළත් පනත් කෙටුම්පතට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් එය ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එවැනි වරදකට පළමු වරට හසුවන තැනැත්තකුට වසර පහක් නොඉක්මවන සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක් නොඉක්මවන දඩයකට යටත් කළ හැකිය.

එමෙන්ම එවැනි වරදකට දෙවැනි වරට හෝ නැවත නැවත හසුවන යම් තැනැත්තකුට අදාළ දඬුවම් හෝ දඩ මුදල් දෙගුණයක් කරනු ලැබීමට හෝ දඬුවම් සහ දඩ මුදල යන දෙකම හෝ එය දෙගුණයක් කිරීමට හැකියාව ඇත.


පාසල් ළමුන්ගේ ඇබ්බැහි වීමක් නිසා ගෙනාව දුම්වැටි තහනම..

පාසල් ළමුන්ගේ ඇබ්බැහි වීමක් නිසා ගෙනාව දුම්වැටි තහනම..


ලංකාවම කළඹවමින්, ඔයක් ළඟකින් හමු වූ ගමන් මල්ලේ තිබුණු පුද්ගල මළසිරුරේ සුලමුල හෙළිවෙයි..

ලංකාවම කළඹවමින්, ඔයක් ළඟකින් හමු වූ ගමන් මල්ලේ තිබුණු පුද්ගල මළසිරුරේ සුලමුල හෙළිවෙයි..


ReeCha