කැනඩාව හා ඉන්දියාව අතර හටගත් රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් තීව්‍ර කරමින් කැනඩාව ගත්ත අලුත්ම තීරණය..

By Piyumika Nov 04, 2024 01:49 AM GMT
Report

සයිබර් අවදානම් ප්‍රතිවාදීන්ගේ ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කිරීමට කැනඩාව කටයුතු කර තිබේ.

ඒ කැනඩාවේ වාසය කළ සික් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයෙන් අනතුරුව දෙරට අතර හටගත් රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් තීව්‍ර කරමිනි.

ගම්මුන්ට යන එන මන් නැති කරමින් කන්දක් නාය යයි..

ගම්මුන්ට යන එන මන් නැති කරමින් කන්දක් නාය යයි..

ඉන්දීය රජයේ අනුදැනුම සහ අනුග්‍රාහකත්වය යටතේ තම රටට එරෙහිව ඔත්තු බලමින් සිටිය හැකි බව කැනඩාව චෝදනා කරයි.

මේ අනුව කැනේඩියානු සයිබර් අවදානම් තක්සේරු ලැයිස්තුවට ඇතුළත් කළ පස්වැනි රට ඉන්දියාවයි.

ඉන්දියාවට පෙර චීනය, රුසියාව, ඉරානය සහ උතුරු කොරියාව ද මෙම ලැයිස්තුවට ඇතුළත්කර තිබුණි.